Thursday 14 March 2013

මා සදට කැමති බව දැනගෙන


මා සදට කැමති බව දැනගෙන 
ඔබ සද අයින් කළා අහසින් ...
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කළා නටුවෙන් ...

නොඉදුල් තොල් පෙති අතරින් 
උදුරාගෙන සිනාව ....
හදවත නැති මිනිසා ඔබ 
නෙත කදුලැලි ගෙනාව .....

එක් ටැම් ගෙයි සිරගත කල 
සමනළියක අනාථ ....
ජීවිතයම ඔබ අරගෙන 
ඇති දුන් වේදනාව .....

3 comments:

  1. Replies
    1. අතීතය වර්තමානයට දුකක් පමණයි මටනම් දුන්නේ.කොහොම වුනත් මේ බ්ලොග් අවකාශයේ ඔබව හමුවීම සතුටක්.නොවැරදීම ඔබේ බ්ලොග් එකට ගොඩවදිනම් . :)

      Delete
  2. සමහරුන්ගෙ ආදර ලෝකය තියෙන්නෙ ටික කාලයයි. ඊට පස්සෙ ආදරය වෙනුවට ජීවිතේට ලං වෙන්නෙ කඳුලු.

    නොඉදුල් තොල් පෙති අතරින්
    උදුරාගෙන සිනාව ....
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කදුලැලි ගෙනාව...

    මිනිස්සුන්ට මේ තරම් නපුරු වෙන්න පුලුවන්ද?

    ReplyDelete