Wednesday 21 January 2015

අහිමි නුබ








සළුපට එකින් එක ගැලවිලා,
නුබේ ඔය දෙතොල් 
මගේ ළමැද අයිති කරගන්නකොට,
කිටි කිටියේ ඔය දැත් වල මිරිකෙන්න 
අනේ මම ආස කලා .......
වැළලුනු හැගීම් යළි පිබිදෙද්දී 
තාරුණ්‍ය  මට අතවනද්දී 
මොහොතකට රැජිනක්ද කියා සිතුනා....
හරි හරියට නුබ මට ගුලි වෙද්දී 
නෙතු පියන් කෙමෙන්  වැහි මට මාම අවනත නොවුවා ....
නුබේ උණුහුමට මගේ හැගීම් දියවෙද්දි 
තව තවත් කෑදර  වන්ට මගේ සිත මට  ඇවිටිලි කලා ....
තප්පර විනාඩි වී නිමේෂය එළබෙද්දී 
හැමදේම අවසන්  බව නුබ මට පසක් කලා ....
වැසුණු නෙතු පියන් නැවත දිග හැරෙන විට 
නුබ මගේ හිස සිප නික්මෙන්න සැරසෙද්දී 
නුබ මගේ නොවන වග අමතක ගිය මට , නුබ යලි මතක් කලා ....

Monday 28 October 2013

මගේ සිහිනය

මා දකිනා මා පතනා
මගේ සිහිනය නුඹමය...
ඒ සිහිනයට හෝ ආදරයට
සසැඳිය හැකි කිසිවක්
මෙලොව නොමැත..
දෑස් පියන්පත් අතර
සක්මන් කරන
පියවුණු දෑස් පියන් යට
නිදහසේ සැරිසරන
උමතුවු සිතිවිල්ලකි නුඹ
මා උමතු කරවන
මා සිතේ තනිවන....

වැන්දඹු හිත

අහස ගුගුරා....
අකුණු පුපුරා....
මගේ හිත වැන්දඹු වුනා....
වසා ගන්දොර මගේ හිමියනි
නුබට රිසි නම් යන්ට යන්නෙමි.....
ආලයක් නැතී...
තාලයක් නැතී...
විජිතයේ
කටු ඔටුනු හැර යමි...
කාලයක් අපි අදාරෙන් සිටි
සොඳුරැ මතකය අරන් යන්නෙමි
බැන්ද රන් දම්
මගේ ගෙල වට
මුදා විසිකොට​
අඞන අහසට
මගේ සිහිනයේ නුබ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි..

මගේ හිත වැන්දඹු වුනා...

Sunday 21 July 2013

අහස නුබ මෙතරම්

අහස නුබ මෙතරම් 

සයුර නුබ මෙතරම් 

ආදරේ මෙතරම්

සිහිනයකි නුබ නම් ....

සිහින දකිනා  අදුරු කුටියේ 

උදා කිරණයි නුබ මගේ

ජීවිතේ හඩයි නුබ ඉල්ලා

නුබට මා ආදරේ ....

Sunday 30 June 2013

There are times

There are times
when I feel your presence
at my side

There are times
when I hear you say
it will be alright


There are times
when I miss you
and my heart begins to ache
and I smile through the pain

But then there are times
when I realize
this is just the way
it has to be
there’s no you and me

There are times when
I feel strong
and I know that I
can finally move on

There are times when
my mind is at ease
and I can enjoy life
and all it can bring

There are times when
I miss you
and times when I’m okay
it’s getting better everyday

Wednesday 5 June 2013

ආදරේ

හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා...
නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා...
නුහුරු නුපුරුදු හැඟුම් ගානක්
රෑ පුරා මැවිලා ආදරේ වැහැලා...
සුවද ළමැදේ රැදුනු හැම දේ...
කවියකින් ලිව්වා...
ඉරට සද සේ ඉමුද අහසේ...
ආදරෙන් කිව්වා...
සුන්දරයි ඉතින් ජීවිතේ..
ඒ තරම් ගලයී ආදරේ...
මහද ගැඹුරේ ඇදුනු සෙනෙහේ...
ඔබට මා පිදුවා...
සයුරු පතුලේ හැදෙන මුතු සේ...
ඔබ වටී කියුවා...
ඒ තරම් ඔබයි ජීවිතේ
සුන්දරයී ඉතින් ආදරේ...