Wednesday, 21 January 2015

අහිමි නුබ








සළුපට එකින් එක ගැලවිලා,
නුබේ ඔය දෙතොල් 
මගේ ළමැද අයිති කරගන්නකොට,
කිටි කිටියේ ඔය දැත් වල මිරිකෙන්න 
අනේ මම ආස කලා .......
වැළලුනු හැගීම් යළි පිබිදෙද්දී 
තාරුණ්‍ය  මට අතවනද්දී 
මොහොතකට රැජිනක්ද කියා සිතුනා....
හරි හරියට නුබ මට ගුලි වෙද්දී 
නෙතු පියන් කෙමෙන්  වැහි මට මාම අවනත නොවුවා ....
නුබේ උණුහුමට මගේ හැගීම් දියවෙද්දි 
තව තවත් කෑදර  වන්ට මගේ සිත මට  ඇවිටිලි කලා ....
තප්පර විනාඩි වී නිමේෂය එළබෙද්දී 
හැමදේම අවසන්  බව නුබ මට පසක් කලා ....
වැසුණු නෙතු පියන් නැවත දිග හැරෙන විට 
නුබ මගේ හිස සිප නික්මෙන්න සැරසෙද්දී 
නුබ මගේ නොවන වග අමතක ගිය මට , නුබ යලි මතක් කලා ....

No comments:

Post a Comment