අහස ගුගුරා....
අකුණු පුපුරා....
මගේ හිත වැන්දඹු වුනා....
වසා ගන්දොර මගේ හිමියනි
නුබට රිසි නම් යන්ට යන්නෙමි.....
ආලයක් නැතී...
තාලයක් නැතී...
විජිතයේ
කටු ඔටුනු හැර යමි...
කාලයක් අපි අදාරෙන් සිටි
සොඳුරැ මතකය අරන් යන්නෙමි
බැන්ද රන් දම්
මගේ ගෙල වට
මුදා විසිකොට
අඞන අහසට
මගේ සිහිනයේ නුබ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි..
මගේ හිත වැන්දඹු වුනා...
No comments:
Post a Comment