Saturday 9 March 2013

තෙවන දිගහැරැම


මම ඉතින් ඔන්න ආයිමත් ඉස්කෝලේ කලේ ගැන ලියන්න ඕනි කියලා හිතුවා.මේ දවස් ටිකේම ඉංග්‍රීසි පොස්ට් දාපු නිසා කට්ටිය  හිතන්න ඇති සින්හල අමතක වෙලා කියලා .ඇත්ත කතාව සිනහලෙන් ටයිප් කරන්න හෙන වෙලාවක් යනවා ..කොහොම වුනත් කතාව මේකයි .අහලා තියෙනවද කෙල්ලෝ ඉස්කොලවල් ඇතුලේ වර්ජනය කරනවා කියලා ...අපි කට්ටිය එහෙම  කට්ටියක් තමා..එක සිද්දියක් වුනේ මට මතක හැටියට අපි 10 දී වගේ.අපේ ඉස්කෝලේ හිටිය මහා වස වර්ති ප්‍රින්සිපල් කෙනෙක් .ඒ වගේම තාම ඉස්කෝලේ සල්ලි පිල්ලි ගහනවා.කොහොමහරි අපේ ලොකු අක්කලාට මෙයාව දිරෙවුම නෑ .ඉතින් මෙයාව එලවන්න කියලා කට්ටිය සංවිදාන වුනා.ඔය අක්කලා සෙට් එකේ එක අක්කා කෙනෙක් අද සිරස චැනල් එකේ ලොකු තනතුරක ඉන්නේ.අපි හැමෝම දන්නා කියන චරිතයක්..ඉතින් කොහොමහරි අපේ කනටත් ඔය වර්ජන සින් ඇහුනා.අපිත් ඉතින් බෑ  නොකියා වැඩේට බැහැලා සෙට් වුනේ.කොහොමහරි දවසක් උදේක ඔකොම පන්තිවල ළමයි එලියට  බැස්සා වර්ජනය කරන්න.මට මතක හැටියට අප්පේ අත් වල බෝඩ්ස් තිබුනා එකේක දේවල් ලියපු..මේ කිසිදෙයක් අපේ ආදරණිය ගුරු මණ්ඩලය දැනන් හිටියේ නෑ .ඉතින් මුළු ඉස්කෝලෙම කෙල්ලෝ පොඩි එකාගේ පටන් ලොකු එක දක්වා ඉස්කෝලේ ඇතුලේ පෙළපාලි ගියා ප්‍රින්සිපල් ගෙදර යවන්න කියලා.කොහොමහරි වැඩේ සාර්ථක වුනා.අපේ අක්කල ටිකට පින් සිද්ද වෙන්න අනේ හොද ප්‍රින්සිපල් කෙනකේ අපේ ඉස්කෝලෙට අලුතෙන් අවා.

දෙවැනි වරජය අපි කරේ අපි    A/L කරද්දී.කතාව මේකයි ,අපිට ශිෂ නායක පටම්ම් දෙන්නේ ඔය A/L කරන කාලේදී.ඉතින්  කොහොම හරි අපි සෙට් එකෙන්  බාගයක්ම ඔකොට ඉල්ලුම් කරා.මම ඉලුවේ නැ මොකද කලින්ම දැනන් හිටියා මට දෙන්නේ නැ කියලා . A/L කරද්දී අපේ සෙට් එකට  අලුතෙන් කීප දෙනෙක් එකතු වුනා.නම් වශයෙන් කිවොත් නිශා , මෙලනි ,උපේඛා ,තිලිනි ,ඉරෝෂා .ඉරෝෂා ක්‍රීඩා වලට මාර දක්‍ෂයි .එයායි ගයයි  තමා ඉලුවේ සපෝර්ට් කැප්ටන්සි එකට.අනික් අය නොරමල් බැජ් එකට ඉල්ලුවේ.කොහොමහරි අපි  ඉස්කෝලේ හොද නමක් දිනා  ගෙන හිටිය නිසා ටිච්ස් බෝර්ඩ් එකමයි ප්‍රින්සිපලුයි එක පයින් අපිව රිජෙක් කරා.කොහොමහරි ගයාට සපෝර්ට් කැප්ටන්සි එක ලැබුන.නමුත් ඉරෝෂට නොර්මල් බැජ් එක තමා ඕනි නම් දේනම් කිවුවේ ..කොහෙවත් ඉන්න හාල්පරුවෙක්ට තමා  වයිස් කැප්ටන්සි එකත් ගියේ,ඉතින් අපි ඔක්කොටම කලා ඉන්න බෑ වෙච්ච වැඩේට.මොකද කැත  විදිහට වැඩේ වුනේ.මිස්ලට ගොට්ට අලපු කට්ටිය  ලොකු පොස්ට් ටික ගියා.කොහොමහරි මමයි ෂයයි උපේකා ගයා ඔකොම කොමස් කරේ අනික් ඔක්කොමල ආර්ට් ..අපේ සෙට් එක හැමදාම සෙට් වෙන්නේ ආර්ට් ක්ලාස් එකේ මොකද එක  තියෙන්නේ හෙන  මුල්ලක.අපිට මගඩි වැඩ කරන්න කියාපු  තැන.අපි ඔක්කොටොම දර ගන්න බෑ ඉරෝශිට වෙච්ච දේ .අපි කට්ටිය බැස්සා එලියට හරියට නිකන් හොදින් හරි නරකින් හරි බැජ් එක අපි ගන්වා කියන අරමුණින්.ප්‍රින්සිප්ල්ගේ ඔෆිස් එක ගාව  හිටගන එක  විගඩමක් අපි නටුවේ නැද්ද.ෆුල් ජොලි කියන්නේ මුළු ඉස්කෝලෙම හොල්මන් වෙලා අපි මොකද මේ කරන්නේ කියලා.ඔෆිස් එක ඉසරහ ලස්සනට  වවලා  තිබ්බා මල් පැල වගයක් පෝච්චි වල ඉතින් ඔයින්  දෙක තුනකුත් අපි බෑ නොකිය කුඩු කරා.සිද්දිය මුළු ඉස්කෝලෙම ලැවුගිනක්  වගේ ගිහින් අපිට මාරම ජොලි.මැඩම් අවා කටියටම ඔෆිස් එකට  එන්න  කිවුවා.අපිත් නිකන් පොරවල් වගේ ගියේ,මොකක්ද ප්‍රශ්නේ ඇහුවා අපිත් ඉතින් දීලා අද්දා .ඔක්කොම අහන්  ඉදලා මැඩම් කිවුවා ඔය ළමයි  ගැණු  ළමයි කොල්ලෝ නෙමයි ..මේක ඉස්කෝලයක් විගඩම් මඩුවක් නෙමෙයි දැන් මේ කරලා තියෙන දේවල් දැක්කම කොහොමද මම බැජ් එක ඔය වගේ ළමයි ටිකට දෙන්නේ කියලා..කටියටම ඊලග දවසේ දෙමවුපියෝ එක්කන් එන්න කිවුවා.අපේ අම්මට නම් ඕකගානක් නෑ මොකද හැමතිසේම මාසෙකට සැරයක් ඉස්කෝලෙට එන්න මම කරණා  කටයුතු එයාට සලස්වල දෙනවා..අපේ අම්ම එනවා කියන්නේ  නිකන් මන්ත්ලි විසිට් එන්නේ ඒ වගේ තමා.දැන්  ඉතින් කට්ටියට හරි සනීපයි.කතාවක් අහලා තියෙනවද ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැ කියලා ඒ වගේ සිදියක් තමා අපිටත් වුනේ.කොහොම වුනත් ඒ සිද්දියෙන් පස්සේ අපේ සෙට් එකට නන්ගිලගෙන් මාර සැළකිලක් ලැබුනේ.මිසලගෙන් නම් ඇහුවේම  කුණු කතා තමයි..

2 comments:

  1. අම්මෝ මෙයාල කරලා තියෙන වැඩ :O

    ReplyDelete
  2. හා හා මේ අපි කරපු දේවල් වලින් 1% ලියලා තියෙන්නේ.ඉසරහට අපි ලියන ඒවා දැකොත් ඔයා බ්ලොග් කියවන එකත් අතහරි ..ලොල්

    ReplyDelete