Thursday 21 March 2013

අපි project කරපු හැටි

 අද මම ලියන්නේ අපි A/L  වලට projects කරපු හැටි. අපිට A/L  වලට projects  දෙකක් කරන්න තිබ්බා .එකක් individual project එකක් අනික් එක group project .අපි ඉතින් මේ කාලේ ආදර උන තදටම වැලදිච්ච කාලයක් .කොයි  වෙලාවෙත් බැලුවේ මොන මගඩි වැඩක් කරලා හරි ගෙවල් වලින් එලියට පනින්න .අපේ අම්ම නම් මම හැරෙනකොට දන්නවා  මොකටද හැරෙන්නේ කියල.මොකද එච්චර හොද අවබෝදයක් මගේ ක්‍රියා පටිපාටිය ගැන අපේ අම්මට තිබ්බ නිසා.ඒ වගේම අපේ අමම්ට මගේ යාලුවෝ සෙට් එක අරහං. අම්මා අදටත් කැමති නෑ ..එහෙම වෙන්න හේතුව එයා  හිතන ඉන්නේ යාලුවෝ තමා මාව  නරක් කරේ කියලා.ඇත්ත ඇති සැටියෙන් කිවොත් එකේ අනික් පැත්ත තමා වුනේ .අදටත් ලංකවට ගිය වෙලාවක මම යාලුවෝ හම්බ වෙන්න යනවා කිවොත් බාල්දි ගොඩයි .වටේටම කතා කරලා වැඩේ දෙල් කරන්මයි ෆුල් ට්‍රයි එක දෙන්නේ.ලොක්කටත් මගේ යාලුවෝ අරහං නිසා අම්මයි බැනයි තකට තක බාල්දි දාන්න .(එහෙම දෙවල් කරාට මම ගොඩක් හොද ලමෙක් හොදේ ..)

ඉතිං කොහ්මහරි මේ project කිරිල්ල අපේ මගදී වැඩ සදහා යොදා ගත්තා .දැන් ඉතින් අපේ සෙට් එක හැමදාම මහජන පුස්තකාලේ ..මට නම් ගෙදරින් එලියට බහින්කොටම ගෙදර එන්න ඕනි වෙලාව කලින්ම දැනුම් දීලා එවන්නේ .යාලුවෝ අම්ම ගැන දන්නා නිසා කල්තියා සැලසුම දියත් කරනවා.අපි ඉතින් පැයකින් ඔක්කොම සටහන්  ලියනවා.ඊට පස්සේ කරන්නේ අපේ ඉතින් මහගෙදරට පනින එක තමා .මහගෙදර කිවුවේ MC එකට .එක  නිකන් අපේ ගෙදර වගේ ඒ දවස් වල.ඉස්කෝලේ ලගම තිබ්බ නිසා වලවල් බහින්න අපේ කට්ටියට කියපු තැන.වැඩි හරියක් අපේ සෙට් එකේ අයට  කොල්ලෝ සෙට් වුනේ ඔය මහගෙදරින් තමා .කොහොමහරි දවසක් අපේ ගෙදරට එහෙන් මෙහෙන් ආරංචි වෙලා තිබ්බා අපි MCඑකේ රස්තියාදු ගහනව කියලා .ඉතින් අපේ අම්මා උදේ මම එලියට බහින්න හදනකොටම මෙනන් කිවුවේ නැද්ද ඔහොම ඉන්න අද  තාත්තා ගිහන් බසවි කියල.දැන් ඉතින් මට මාර සනීපයි .අනික් අයට කියන්න විදිහකුත් නැ .මොකද ඊට කලින් දවසේ අපි ලොකු වැඩසටහනක් දාගෙන හිටියේ සෙට් එකම ෆිල්ම් එකක්  බලන්න යන්න.දැන් ඉතින් හරි ෂෝක් මමත් ඉතින් තාත්තා එක්ක ගියා.කට්ටිය දැක්ක විතරි ෆුල් හොල්මන් .මමත් ඉතින් නිෂබ්දව හිටියා .තාත්තා  ඇහුව කීයටද ඉවර වෙන්නේ කියලා අපි කිවුවාවෙලාවක් කියන්න බෑ තාත්තේ කියල ..තාත්තාගේ කනෙන් රිගන්න අම්මට වඩා  ලේසි  කිවොත් මම හරි.ඉතින් අපිව ඇතුලට දාලම එයා ගිය වැඩට.අපිට ෆුල් හැපී .10.30 ෆිල්ම් එකට යන්න තමා දැන් එදා කට්ටියගේ ප්ලැන් එක තිබ්බේ.දඩිබිඩියේ ලියාගෙන කොළ ටික අපි කට්ටිය හා හා පුර කියල බැස්සේ නැද්ද එලියට.138 බස් එක ගන්න මෙන්න තුම්මුල්ලේ හන්දියට එනකොට අපේ තාත්ත අපේ හොර අල්ලන් මග ඉනවා .දැන් ඉතින් කට්ටිය මීයට පිම්බා වගේ.ඇහුවේ කොහෙද යන්නේ කියලා මම කිවුවා අපි ගෙදර යනවා තාත්තේ අපි වැඩේ අද කරන්න බැරි වුනා අරකයි මේකයි කියලා තඩි බේගලය ඇදලා දැම්මා .දවසම චක බ්ලාස් .11 වෙද්දී මම ගෙදරත් අවා.අර අහිංසක කොල්ලෝ ටික අපි එනකම් MC එකේ වේලි වේලි හිටියා  කියලා ඊට පස්සේ හමබ් වුනාම අපිට කිවුවා .

අපේ මවුතුමිය දැනගෙන හිටිය මේ  library ගමන මොනා හරි මගදී වැඩක කොනක් කියලා .අපේ අම්ම මට ගේම් දෙන්නේ යටින් ඉතින් දවස්ක්  එක පාර කිවුවේ නැද්ද අද මාත් ඔයත් එක්ක libraryයන්න එනවා කියලා.මට දෙලොව රත් වුනා එදා කොල්ලෝ ඔක්කොම library එකට එනවා කියලා තිබ්බේ .දැන් ඉතින් මක් කරන්නද අර ගෙදර වැඩ ඔකොම දාලා අපේ අම්මා නංගිවත් ඇදගෙන මගේ පස්සෙන් අවේ නැද්ද.දැන් කටියම අම්මා දැක්ක ගමන් දැන් ගත්තා කටියටම බඩු හම්බ වෙනවා කියලා.අම්මත් ඇවිල්ල අපේ ටේබල් එකට එහා පැත්තේ ටේබල් එකේ වාඩි වෙලා පත්තර​ බලන්න ගත්තා .අපිට මොකුත් කතා කරනවත් බැ  කන තිබ්බේ අපේ මේසේ .කොළ වල ලිය ලිය තම communicate කරේ..කට්ටියගෙන් කුණු බැනුම් මට.දෙහි කපුවා නැති වෙන්න....වැඩියෙන්ම ශයායි හෂි තමයි .දැන් ඉතින් වෙනද ගෙදර යන වෙලාවටම එපැයි වැඩේ ඉවර කරන්න කට්ටිය එදා තමා හරියට project කරේ අපේ අම්මට පින් සිද්ද වෙන්න.මොකද අම්මා එහා පැත්තෙනේ....කොහොමහරි කොල්ලන්ට පණිවිඩයක් දුන්නා library එක පැත්තේ එන්න එපා  කියලා.මොකද අපේ අම්ම අහක යන කොල්ලෙක් අපේ දිහා බැලුවත් හිතන්නේ අපේ කගේ හරි කොල්ලෙක් තමා කියලා . දුම්මල වල්ල අතට ගත්ත ගමන් තමා ඉන්නේ.ඉත්න් ඒ දවසින් පස්සේ project කිරිලත් ඉවරයි .අපි ඔක්කොම දැන ගත්තා වැඩේ දෙල් වෙනවා කියලා .මොකද අපේ අම්මට අහුවුණා කියන්නේ අනික් යාලුවන්ගේ අම්මලටත් කෝල් කරලා මගේ අහිංසක යාලුවන්ටත් උන්හිටි තැන් නැති කරනවා.එක නිසා library යන එක අත ඇරලා දැම්මා .හැබැයි අපි ඔක්කොම හොදට ලකුණු ගත්තා ..ඔන්න ඔහොමයි අපි project  කරේ සහ වලවල් බැස්සේ..හී හී හී


2 comments:

  1. ඔයාගේ අම්මා ඒ තරම් සැරද අනේ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ එයා කට ඇරියම හිරෝෂිමාවට බෝම්බ ගැහුවට එහා ...හරි පොඩ්ඩයි

      Delete