Wednesday 27 February 2013

දෙවන දිගහැරුම


ඔන්න ඉතින් මම ආයිමත් අපේ ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ඕනි කියලා හිතුවා ...සොරි වෙන්න ඕනි හිටපු ගමන් ට්‍රැක් එක  මාරු වුනාට...මම ඉසෙල්ලා කිවූ වගේ නමය දහය පන්ති වල අපි එච්චර  සෙල්ලම දැම්මේ නෑ ..නමුත් ඕලෙවල කරපු අවුරුදු නම් රොකින් වුරුදක් ...ඔන්න ඉතින් අපි කට්ටිය  හා හා පුර කියල 2000 එකොළහ පන්තියට  පාස් වුනා.දහය වසරේදී අපි කට්ටිය  අයිමත්  පන්ති මාරු වෙලා එකලොහෙදී අයිමත් කට්ටිය සෙට් වුනා ...මගේ ග්‍රොඋප් එකට  වැටුනේ ශායා ,මම, නා ටලිය,රුක්‍ෂි,ශෂී,සහරා ,වසුනදරා ,හෂි ,ගයා,

අපේ ඉස්කෝලේ හැමදාම උදේ රැස්වීම තියෙනව ඊට පස්සේ උදේ වයයාම් කරන වෙලාව...ඕවට යනවා කියන්නේ උදේට අපිට නිකන් උදේට මරනවා වගේ වැඩක්...අපි ඉතින් හැමදාම බොරු ලෙඩ අරගෙන ඕක මග අරිනම තමා බලන්නේ.සමහර දවස්  වලට නම් පුළුවන වෙනවා එත්  සමහර දවස් වලට නම් අපේ ක්‍රීඩා බාර  මිස්ට අතේ මාට්ටු  අපිව.අපිට සාමාන්‍යෙන් උදේම කාලසටහනේ තිබ්බේ ගණන් පිරිඩ් දෙකක් එක ලග..උදේට ඉතින් අම්බානක  බඩගිනි අර එසේම්මබ්ලයි එකේ  වෙල්ලිලා අවාම පැය  ගානක්.දවසක් අපි ඉතින් පුරුදු පරිදි උදේ මිස් උගන්න අතරවාරේ අපි කට්ටිය  හොර්න් කෑවා ..කරුමෙටම එක මට්ටු වුනෙත් මගේ අතට පාස් වෙද්දීමයි .මිස් කළු ලෑල්ල් දිහා හැරිලා හිටියේ.එක  පාරට මෙන්න අපේ ආදරණිය මානෙල් ගුරුතුමී හැරුනේ නැද්ද මන ගාවට...මට යන එන මන්  නැ ...අපි 9දෙනාටම නැගිටින්න කිවුවා ..අපේ අතෙයි ,කටයි දෙකම පාන් ...ඊට පස්සේ කිවුවා කෑම පෙට්ටි ටිකත් අරගෙන කට්ටියට  පන්තියෙන් එලියට යන්න කියලා..ඉතින් අපිටත් මර ජොලි කියලවත් කර ගන්න බැරි දෙයක් නේ මිස් අපිට කරන්න කිවුවෙ .අපි කට්ටිය පන්තිය ඉසරහ හිටගෙන හොදට කැවා බැ නොකියා ...

ඔහොම ඉතින් කාලා  අපි පන්තිය ඉසරහ හිටගෙන ඉනකොට අපේ ඉස්කෝලෙට වෙන බෝයිස් ස්කුල් (මහානාමෙන් ) එකකින් අවා ඉන්විටේෂන් එකක්  දෙන්න...අපි 9දෙනා හිට ගෙන ඉනවා පන්තිය ඉස්සරහට වෙලා.කැත  වැඩේ කියන්නේ මල්ලි කටියකුත් නෙමෙයි අයියලා සෙට් එකක්.. අපි ඒ අය අයියල කියල දන්නේ අපේ හෂිගේ අයියත් මහානාමේ .ඉතින් ඒ අපු සෙට් එකේ හිටියා හෂිගේ අයියාගේ  යාලුවෙක්...මොනා කරනද ඉතින් අපිත් ..අපිත් බොරුවට ෆුල් ඇඩ් පාරක් දැම්ම අපි බයෝ සයන්ස් කරන්නේ මේ එළියේ ඉන්නේ මල් වගයක් හොයන්න වගේ කියල..නැත්න්ම ඉතින් අපේ කාර්ඩ් කුඩුනේ.ඒ වුනාට අර අයියා නිසා අපි ඕලෙවල් කරන්නේ කියල අනික් සෙට් එක දැනගත්තා .ප්‍රින්සිපල්ගේ ඔෆිසෙකටයන්න ඕනි අපේ පන්තිය පහු කරලා.මෙන්න මුන්  ටික අපිට නෝන්ඩිය දැම්මේ නැද්ද 'අහා මෙන්න නංගිලා  ටික පන්තියෙන්  එලියට දාලා'කියලා .අපිට හැංගෙන්න තැන්  නැති වුනා .මල විලි ලැජ්ජාවෙ බෑ ..මොනා කරනද ඉතින් දැන ඉතින් කුමබ්ලාවෝ කෑවනම්  විදපන් පුසෝ කියලා  අපිට නෙමයි  වගේ අපි  හිටියා.හිත ඇතුලෙන් අපේ ආදරණිය ගණන් මිස්ටයි අර අහිංසක අයියලා ටිකටයි දෙහි කපපු තරම් දන්නේ අපිම විතරි අදටත්...ලොල් ...

1 comment:

  1. හී හී...අපිත් හොරෙන් කාපු හැටි මතක් උනා මේක කියවද්දි. අපි ඉතින් උදේටත් කාල නෙවෙයිනෙ යන්නෙ. ඉතින් ටිකක් වෙලා යනකොට ඉන්න බැරි තරම් බඩගිනියි.
    එක දවසක් එහෙම හොරෙන් බිස්කට් කකා ඉන්දැද්දි මිස් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කථා කරගන්න බෑ කටේ කෑම නිසා. මගේ අතිජාත යාලුවො ටික බිම බලාගෙන හිනාවෙනව. කරගන්න දෙයක් නැති උනා ඒවෙලාවෙ නම්. හොඳ වෙලාවට මිස්ට ඒක වැඩිය ගාණක් උනේ නෑ :)))

    ReplyDelete