රාත්‍රිය නිමා විය.
පිනි බින්දු වැටි තෙත් උන, හිරු කිරනෙන් එලිය උන උදෙසන, දහසකුත් බලාපොරොත්තු පොඩි බෙදාගෙන අකුරු කියන්නට ගියේ, මහත් වූ ආසාවෙනි. පාසල් ගේට්ටුවෙන් ඇතුල් වන්නේ වෙන කීසිවක් නොව උදෙන්ම ඔවුන් දැක ගෙනිමට ය. කියා නිමකරන්නට නොහැකි අමුතුම බැදීමක් ඔවුන් සමග විය.
ජිවිතයේ රිද්මය , ජීවිතය තුල තිබු නොයෙක විදියේ පාට පාට හීන බෙදා ගන්නට හැකි වූ එකම මංසල නම් ඒ අපගේ මිත්‍රත්වය පමණනි. දවසින් දවස ගෙවී ගියේ සිනහවෙන් පමණක්ම නොව දවසක දී ගුටි බැට වලින්ද නිම වූ රණ්ඩු ද නැතුවම නොවේ.
නමුත් කිසි දිනක ඒවා අපගේ සිත් හෝ මිතු දම හෝ කිලිටි කරන්නට සමත් වුයේ නැත. අදටත් එදා මෙන් අපේ බැදීම එලෙසම ඇත්තේ ඒ නිසාවෙනි.....
යෙහෙළියනේ ,
මා අදටත් ඔබ තුලින් මා දකී ...........
"ශයි"
මිත්රත්වයට ජයම වේවා...!
ReplyDelete