Wednesday 20 February 2013

අපි ආයෙත් හමු නොවුනා නම්














අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්...

ඔබ නොහඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි 
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි....

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ 
ආදරයේ කඳුළින් මියයන්නට
ජීවිත ඉරණම විසඳෙන්නේ.....

2 comments:

  1. කොයි තරම් ලස්සන සින්දුවක්ද...මේ සෝමතිලක ජයමහ ගායකයාගේ මං කැමතිම ගීතවලින් එකක්.

    ReplyDelete
    Replies
    1. චාම් මමත් මේ සින්දුවට ගොඩක් කැමති මොකද මේ සින්දුව මගේ ජීවිතේ එක අත්දැකීමක් ..

      Delete