Sunday 19 May 2013

නිහඩ මොහොතක

හිතුවෙවත් නැති නිහඩ මොහොතක 
අහම්බෙන් නුබ හමුවුණා ..
ආදරේ පිරි දෙනෙත් අබියස 
මගේ හදවත ගොළු වුනා ..
ඇසුරුකළ මේ පුංචි කාලෙට 
හදවතින් අපි ලං වුනා ....
මටත් නොදනිම වගේ මගේ සිත 
නුබට ගොඩක් පෙම් කලා ...
විටෙක හදවත නුබෙන් රිදුනම 
නෙතින් කදුලැලි පිටවුනා... 
නමුදු සැනකින් මහද සනසා 
මුවග හසරැලි මතු කලා ...
කෙසේ සිත්මද ඔබ මගෙන් 
දුරස් වුවා කියා..
නික්ම යනු බැහැ ඔබේ මතකයෙන් 
පෙරුම් පුරන්නෙමි එකට ඉන්නට 
උපදිනා මතු  හැම බවයේම ....

1 comment:

  1. නිහඩ මොහොතක
    හඩන සිතුවිලි
    හඩන මොහොතක
    නිහඩ සිතුවිලි..))

    ReplyDelete