Saturday 18 May 2013

මම නුඹේ සඳ කිඳුරියයි

පින්බර සෙනෙහසක් දුන් පෙම්බර කුමරාණ

පන්සල් සුවඳ දැනෙයි නුඹ ළග නැතුවාට

හිමි සඳු නුඹයි මතු උපදින හැමදාම 

පාළුයි හිතට හීනෙන් නුඹ ආදාට ....... 

අහස නුඹ, මම නුඹෙ තනි තරුවයි

ළග නැති නිසා මගෙ හිත අමාවකයි

ඉකි ගසන ඇස් දෙකට නුඹෙ රුව හරි දුරයි

එන්න මා සනසන්න සිත මගේ අසරණයි ......

මද නලක දැවටිලා එන සුවඳ නම් නුඹගෙමයි

නුඹෙ දෙතොල් සුවඳ දැනී හිත මගේ පාරවයි

දුක නැතිද හිමි සදුනි මට කඳුළු බර වැඩියි

රහසේම හඩන මම නුඹේ සඳ කිඳුරියයි .....

3 comments:

  1. හිනෙන් ගෙන්න ගන්න එක නම්ම් නරකයි දරුවෝ
    අනිත් කරුණ රහසේ හඬන්නත් එපා

    ReplyDelete
  2. හීනෙන් හරි එනවනම් කොචර දෙයක්ද??අඩලා දුක තුනී කර ගනේනතුව කොහොම දුක වාව ගන්නද ??

    ReplyDelete
  3. සද කිදුරිය නුඹයි මුදු හිත ළග පිපුණ
    සදවත ලෙස දකින නුඹ සතු හදවතින
    අහසක රැදී පිනි වැහි පොද ඇද වැටෙන
    සොදුරුම දිනෙක ඉටු වෙනු ඇත ඔය සිහින

    ReplyDelete